මගේ ජීවිත කතාව - 01වන කොටස-New Sinhala Wala Katha - අලුත් සිංහල වැල කතා

 මගේ ජීවිත කතාව - 01වන කොටස



මට ආදරේට ගොඩක් අය කියන්නේ මුතු කියලා. මං හිතන්නේ ඒ නම මට දාන්න ඇත්තේ තාත්ති කියලා. මොකද තාත්ති මට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි. ඒ වගේම අම්මිත් ගොඩක් ආදරෙයි. මගේ පවුලේ ඉන්නේ තාත්තියි, අම්මියි, මමයි විතරයි. අපි දැනට ජීවත් වෙන්නේ ගල්කිස්සේ. ඉදිරියේදී වෙන දිහාක පදිංචියට යන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ තාත්ති දැනට රාජ්‍ය ආයතනයක සේවය කරනවා. අම්මි දැන් රැකියාවක නිරත වෙන්නේ නැහැ. කලින් අම්මිත් රාජ්‍ය ආයතනයක තමයි රැකියාව කළේ. මම දැනට පෞද්ගලික විගණන ආයතනයක  සේවය කරනවා. Business Promotion  Manager විදිහට තමයි මම එතන වැඩ  කරන්නේ. මගේ බොසුත් හරිම හොඳයි, එයත් මට ගොඩක් ආදරෙයි. 


දැනට මට අවුරුදු 25 ක් වෙනවා. ඒ කියන්නේ මම ඉපදෙන්නෙ 1995 ජනවාරි මාසේ 20 වෙනිදා. හැබැයි ඉතින් ඒ කාලේ ගැන නම් මට ලොකු මතකයක් නෑ. preschool ගියපුවා නම් ටිකක් මතකයි. උදේට මාව එක්කන් ගියේ තාත්ති. දවල්ට මාව එක්ක එන්නේ අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක්. අම්මි හරි තාත්ති හරි එනකම් මං එහෙට වෙලා තමයි හැන්දෑ වරූව ගත කරන්නේ. එහෙ හිටියා අයියා කෙනෙකුත්. එයාගෙ නම ගනිඳු. එයත් එක්කම එකට ඉස්කෝලේ ගිය තවත් අයියා කෙනෙක් හිටියා අසේල කියලා. එයාලගේ ගෙවල් තිබුණේ ඊටත් චුට්ටක් එහායින්. ඉතිං හවසට අපි හැමෝම එකතු වෙලා සෙල්ලං කරනවා. බෝල ගහනවා, අල්ලන සෙල්ලම් කරනවා, හැංගිමුත්තන් කරනවා. තව යාලුවො කීප දෙනෙක්ම හිටියා අපිත් එක්ක සෙල්ලං කරන්න එන. අපි ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න යන්නේ අපේ ගෙවල් වලට පහලින් තියෙන වෙල්යායට. ඒ කාලේ ඊට උඩහින් පොඩි කැලෑවකුත්  තිබුණා. ඒකෙ දං ගස්, අඹ ගස්, වෙරළු ගසුත් තිබුණා. ඉතින් සෙල්ලං කරල මහන්සි උනාම අපි කැලෑවටත් යනවා ගෙඩි කඩා ගන්න. ඒ කාලේ නම් හරිම ෂෝක්. ඉතින් රෑ වෙද්දි තාත්ති එක්ක තමයි ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්නේ. තවත් මට මතකයි preschool concert එකේ මං හිටියේ සුරංගනාවියෙක්ට ඇඳලා. එදා මම ගොඩක් ලස්සනට ඉඳලා. ඉතිං එතෙන්ට ඇවිල්ලා හිටිය ගොඩක් අම්මලා තාත්තලා මාව ඉම්බා. මට තෑග්ගට හම්බුනේ පුංචි ඇස් නටවන බෝනික්කෙක්. ඉතින් ඔය විදියට තමයි මගේ චූටි කාලේ ගෙවිලා ගියේ.


preschool වලින් පස්සෙ තාත්ති මාව දානවා කොළඹ ප්‍රසිද්ධ කතෝලික පාසලකට. අර ආන්ටිම තමයි මාව school එක්කන් ගියේත් එක්කන් ආවෙත්. ටිකක් ලොකු වෙද්දි school van එකකට දැම්ම මාව. ඒ van එකේ හිටියේ අපේ school එකේම ලමයි. මට අපේ පන්තියෙයි, අනික් පන්ති වලයි, ලොකු පන්ති වලයි, පොඩි පන්ති වලයි යාලුවෝ ගොඩාරියක් හිටියා.ඉතින් අපි සෙල්ලම් කරනවා, පාඩම් කරනවා ඒ අතරෙ ඉතිං දඟ වැඩත් කරනවා. school එකේ හිටපු මැඩම්ලයි, මිස්ලයිත් මට ගොඩාක් ආදරෙයි. ඒක නිසා school යද්දි මට පාළුවක් තනිකමක් දැනුනෙම නෑ. ගොඩක් සතුටින් විනෝදෙන් තමයි කාලය ගත වුණේ.


school ඇරිල ඇවිල්ල මම හිටියේ ගනිදු  අයියලාගෙ ගෙදර. ඒ ආපුවම ආන්ටි මාව සෝදලා කෑම කවනවා. ඊට පස්සේ ඉතින්  හවසටත් අපි යාලුවොත් එක්ක සෙල්ලම් කරනවා.රෑට තමයි ඉතින් මට අම්මි තාත්ති එක්ක ඉන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙලාවට ඉතින් අම්මිගෙ කටේ තියෙන්නෙ homework කරන්න , පාඩම් කරන්න. තාත්ති නං එහෙම නෑ, කොයි වෙලෙත් මාව බදාගෙන තුරුල් කරගෙන තමයි ඉන්නේ. ඒකනෙ මං තාත්තට ගොඩාරියක් ආදරේ. තාත්ති තමයි මට කවන්නෙ, මාව සෝදන්නේ, කොටින්ම කිව්වොත් මගේ හැමදේම කළේ තාත්ති.අතරින් පතර අම්මිත් ඒව කළා ඉතිං, හැබැයි බැන බැන. ඔය වගේ සුන්දර විදියට මගේ ජීවිතය ගලාගෙන ගියා.


ඉතිං ඔහොම සුන්දව ජීවිතය ගලාගෙන යද්දී මට අවුරුදු නවයක් දහයක් වගේ වෙනකොට තවත් සුන්දර දෙයක් අත්වින්දා. ඒක දැන්ම කියන්න බෑ, පස්සේ දවසක කියන්නම්. "සුන්දර අත්දැකීම් අංක -  01"න් ඔයාලට ඒක කියවන්න පුළුවන්. 


ඉතින් ඔහොම ජීවිතයේ ගෙවීගෙන යනකොට මට අවුරුදු 12 පසුවෙද්දි මාව යොවුන් වියට පත් වෙනවා. දැන් ඔහොම යොවුන් වියට පත්වුණා කිව්වට ඒ දවස් වල මට ඕවා තේරුන් නෑ. එදා උදේ ඇහැරිලා school යන්නයි හැදුවේ. ඒ උනාට ඇහැරුනාම මට පොඩි අමුත්තක් දැනුනා. මං දැක්කේ ලේ. එවෙලේ මං බයටම කෑ ගැහුවා. මගේ කෑගැහිල්ලට තාත්ති තමයි ඉස්සෙල්ලම දුවගෙන ආවෙ. තාත්ති මාව දැකලා හිනාවෙලා, මගේ ඔලුවත් අත ගාලා, මාව ඉඹලා අම්මිට අඩගහගෙන කාමරෙන් එළියට ගියා. අම්මිත් ඇවිල්ල මාව බදාගෙන ඉඹලා හිනා උනා. එවෙලේ මට හිතගන්න  බැරි උනා මොකක්ද මේ උනේ කියලා. දැන් නම් ඉතින් දන්නවා මොකක්ද ඒ කතාව කියලා. ඇයි ඒයාලා එච්චර සතුටු උනේ කියලා. ඊට පස්සේ මට කාමරේටම වෙලා ඉන්න වුණා. මං හිතන්නේ දවස් 15  විතර මං කාමරේට වෙලා හිටියා. ඒ දවස් ටිකේ නම් අම්මි තමයි මගේ හැමදේම කළේ. තාත්තිත් එනවා ඇවිල්ල මාව ඉඹලා යනවා. පස්සේ කාලෙකදී තමයි මම දැනගත්තේ එහෙම උනාම පිරිමි කාවවත්ම දකින්න හොඳ නෑ කියලා. කොහොම හරි ඉතින් මගේ කතාවෙ නම් ඒක වෙනස් වුණා. අන්තිම දවස් වෙද්දි අපේ ගෙදරට නෑදෑයො කොහොම ටික ආවා. ඒත් මාව බලන්න ආවේ ඔක්කොම ගෑණු කට්ටිය ටික විතරයි. පිරිමි කට්ටිය කවුරුත් ආවෙ නෑ. ඊට පස්සේ මගේ party එක. අම්මෝ.... එදා උදේ පාන්දර හතරට විතර මට නාන්න උනේ. කලින් දැකලා තිබුනේ නැති ඇන්ටි කෙනෙක් ඇවිල්ලා හිටියා. එයා තමයි මාව නෑවුවේ. එයා ම තමයි මම ඇඳන් හිටපු ඇඳුම් ඔක්කොම ගලවලා සුදු ගවුමක් ඇන්දෙව්වේ. තව ඔළුවට සුදු රෙද්දකුත් පෙරෙව්වා. මේ ඔක්කොම ටික කළේ එලියේ ඉටිකොළ වලින් වට කරපු තැනක ඉදන්. ඊට පස්සේ තමයි මාව ගේ ඇතුලට එක්ක ආවෙ. ඊට පස්සෙ තව තව මොන මොනා හරි දේවල් ටිකක් වුණා ඒවා නම් මට හරියට මතක නෑ. ආ තව සීය කෙනෙක් ගාථා වගේ මොනාද කිව්වා.

ඊට පස්සේ ඇවිල්ල හිටපු හැමෝටම වැන්දා. මට වඩා බාල අය මට වැන්දා. හැමෝම මට තෑගිත් දුන්නා. ඊට පස්සේ එදා රෑ ලොකු party එක. මගේ bidgirl party එක. school එකේ යාලුවොයි අහල පහල අයයි ගොඩක් අය ඇවිල්ලා හිටියා. එදා අපි සිංදු කිව්වා නැටුවා ගොඩක්  විනෝද උනා. ඉතින් දැනට ඇති නේද, ඉතිරි ටික ඊළඟ කොටසින් බලමු නේද. 


මගේ කතාව ඔයාලා රසවින්දානම් like කරලා share කරන්න යාලුවන්ටත් බලන්න, ස්තුතියි.

Comments

Wal katha

නෑනාගේ කතාව – New Sinhala Wala Katha - අලුත් සිංහල වැල කතා

විහංගී 1 - New Sinhala Wala Katha - අලුත් සිංහල වැල කතා

බිරිඳ සහ තාත්තා – wal katha – Sinhala wal katha – Sinhala Wala Katha